කොළඹ කොටස් වෙළෙඳ පොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල වර්ධනයක් අද (07) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18 කින් ඉහළ ගොස් ඒකක 11,045.90 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 47.15 කින් ඉහළ ගොස් ඒකක 3,147.45 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ 2023 ඔක්තෝබර් 05 දිනෙන් පසුව වීම විශේෂත්වයක්.

Share This