කොළඹ ජනතාවට ‘අද සිට’ දුඹුරු සීනි රුපියල් 130ට – බදාදා සිට රට පුරා

කොළඹ ජනතාවට ‘අද සිට’ දුඹුරු සීනි රුපියල් 130ට – බදාදා සිට රට පුරා

කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම සඳහා ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස සහ සමුපකාර වෙත සීනි බෙදාහැරීම අද (30) ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ සතොස සහ සමුපකාර වෙත දුඹුරු සීනි මේවනවිට ද බෙදා හැර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ලබන බදාදා සිට රට පුරා සතොස සහ සමුපකාර මගින් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Share This