කොළඹ වරායේ ආයෙත් බහාලුම් තදබදයක්

කොළඹ වරායේ ආයෙත් බහාලුම් තදබදයක්

කොළඹ වරාය පරිශ්‍රය තුළ බහළුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් බහලුම් රථ තදබදයක් හටගෙන තිබෙනවා.

බහලුම් රථ හිමිකරුවන්ගේ සංගමය චෝදනා කළේ මේ හේතුවෙන් අර්බුද රැසක් මතුව ඇති අතර, ඊට කඩිනම් විසඳුම් ලබාදීමට මැදිහත් වන ලෙසයි.

අප වාර්තාකරුවන් පැවසුවේ මේ වනවිටත් කොළඹ වරාය පිවිසුම් මාර්ග අවට බහලුම් රථ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි.

ශ්‍රී ලංකා රේගුව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ දිනකට ලැබෙන බහලුම් සංඛ්‍යාව දින කිහිපයක් ඇතුළත අධික ලෙස ඉහළ යාම මෙම තත්ත්වයට හේතුව බවයි.

Share This