කොළඹ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීම

කොළඹ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීම

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නාරහේන්පිට, රත්මලාන සහ පිළියන්දල පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා අද (13) සහභාගී වී තිබෙනවා.

මෙහිදී ආර්ථික මධ්‍යස්ථාන තුල පවතින ගැටලු සම්බන්ධයෙන් සහ ආර්ථික මධ්‍යස්ථාන තුල පවතින වෙ⁣ළෙඳපොළ තත්වය පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවූ බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, ආර්ථික මධ්‍යස්ථාන වල කළමණාකාර සහ සේවක මණ්ඩලය මෙන්ම වෙළෙඳ සංගම් නිළධාරීන් ඇතුළු වෙළෙඳුන් පිරිසක්ද සහභාගී වුණා.

 

Share This