කෝටි හාරසියය අටකට වැඩි අයථා ලෙස ඉපයූ වත්කම් ක්‍රියාවිරහිත කරයි

කෝටි හාරසියය අටකට වැඩි අයථා ලෙස ඉපයූ වත්කම් ක්‍රියාවිරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් ඇතුලු නීති විරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස්කරගෙන ඇති
පුද්ගලයන් 88 දෙනෙකුගේ දේපල ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ
වන විට ක්‍රියා කර තිබෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ දිවයිනේ ප්‍රභල පෙලේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ලයන් රැසකගේ දේපල ද එලෙස නිති
විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ක්‍රියා විරහිත කරන ලද දේපල අතර වන බවයි.

එලෙස මේ වන විට ක්‍රියා විරහිත කොට ඇති දේපළවල මුලු වටිනාකම රුපියල් හාරසිය අට කෝටි හැට
තුන් ලක්ෂ තිස් දෙදහස් තුන්සිය විසි හතරක්. (4 086 332 324)

 

Share This