
කෝටි 18 ක් හෂීස් සමග කැනඩා ජාතික ශිෂ්‍යයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට
රුපියල් දහ අට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , කටුනායක ගුවන් තොටුපොළ ” හරිත මාවත ” ( Green Channel )
ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද (28) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු 21 හැවිරිදි කැනඩා ජාතික උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක්.
ඔහු මෙරටට පැමිණ ඇත්තේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන්.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි ප්‍රධාන පොලිතීන් ඇසුරුම් 06 ක් තුළ ඇසුරුම් 72 ක් ලෙස මෙම “හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 253 ක ප්‍රමාණයක් සගවා තිබී රේගු නිලධාරීන් සොයාගත්තා.
මෙසේ අත් අඩංගුවට ගත් කැනඩා ජාතිකයා සහ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
