“ඛානුන්ගේ” බලපෑමෙන් ජපානයේ 600,000 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ – ඉදිරි දින කිහිපයේ චීනයටත් බලපෑම්

“ඛානුන්ගේ” බලපෑමෙන් ජපානයේ 600,000 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ – ඉදිරි දින කිහිපයේ චීනයටත් බලපෑම්

චීනයේ බීජිං නගරයට වසර 140කට පසු ඇදහැලෙන අධිකම වර්ෂාපතනය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඩොක්සුරි සුළි කුණාටුවෙහි බලපෑම නිසා චීන අගනුවරට මිලිමීටර් 744.8 ක වර්ෂාපතනයක් පතිත වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ඩොක්සුරි සුළි කුණාටුවේ බලපෑම අඩුවෙමින් පවතින විට ඛානුන් සුළි කුණාටුව පැමිණෙනු ඇතැයි අනතුරු අඟවා තිබුණත් මේ වනවිට එම සුළි කුණාටුව ජපානයේ ඔකිනාවා වෙතට බලපා තිබෙනවා

ඛානුන් පැයට කිලෝමීටර් 220 වේගයෙන් හමා ගොස් ජපානයේ නිරිතදිග ඔකිනාවා දූපත් වෙත ළඟා වීමෙන් බොහෝ ස්ථානවලට මිලිමීටර් 175 සිට 220 දක්වා වර්ෂාපතනයක් ලැබී ඇති බවයි පැවසෙන්නේ

එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 600,000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස ප්‍රාන්ත රජය විසින් නියෝග කර තිබෙනවා

එමෙන්ම පැවති තද සුළඟින් විදුලි රැහැන් ඇද වැටී නිවාස 200,000 කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව ඔකිනාවා විදුලි බල සමාගම සඳහන් කරනවා

ඉදිරි පැය 48 තුළ ඛානුන් නැගෙනහිර චීන මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි පැවසෙන්නේ

ඛානුන් සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින අතර, එහි බලපෑමෙන් ඉදිරි දින කිහිපය තුළ චීනයේ නැගෙනහිර Zhejiang පළාතේ සහ ෂැංහයි අසල වෙරළ තීරයේ අධික වර්ෂාපතනයක් සහ අධික සුළං ඇති විය හැකි බවද සඳහන්

Share This