ගංවතුර සහ නායයාම්වලින් නේපාලයේ 32ක් මරුට

ගංවතුර සහ නායයාම්වලින් නේපාලයේ 32ක් මරුට

නේපාලයේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම, කත්මණ්ඩු අගනුවර ඇතුළු එරට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බැවින්, හෙලිකොප්ටර් සහ බෝට්ටු මගින් ආපදාවන්ට ලක්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය 3,000 කට අධික ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

අතුරුදහන් වූවන් සොයා පොලිසිය, වෙනත් ආයතන සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු සිදු කරනු ලබනවා

ඊයේ (27) සවස සිට, කත්මණ්ඩුවෙන් පිටත් වන සියලුම අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබුණා

Share This