ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දකුණු කොරියාවේ 40ක් මරුට -මරණ ගණන ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දකුණු කොරියාවේ 40ක් මරුට -මරණ ගණන ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

සති අන්තයේ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිව ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වනවිට දකුණු කොරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ගංවතුරට කොටු වී උමං මාර්ගයක සිරවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ඔවුන්ගේ වාහනවල සිටියදී මිය ගොස් ඇති බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

කෙසේවෙතත් උමං මාර්ගයේ සිරවී මිය ගිය ගණන මේ වනතුරුත් තහවුරු කළ නොහැකි බවයි බලධාරීන් පවසන්නේ

ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත කණ්ඩායම් මධ්‍යම චියොන්ජු නගරයේ මීටර් 685ක් දිග උමං මාර්ගයට ඇතුල්වීම සඳහා තවමත් කටයුතු කරමින් සිටින අතර එහි සිරවී සිටින අය ගලවා ගැනීම සඳහා කිමිදුම්කරුවන් ද යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අවම වශයෙන් වාහන 15 ක් සහ බස් රථයක්ද සිරවී ඇති බවටයි විශ්වාසය පළ කරන්නේ

දිවි ගලවා ගත් නව දෙනෙකු මේ වන විට සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම මධ්‍යම දකුණු කොරියාවේ කඳුකර උතුරු ග්යොංසාං ප්‍රදේශයේ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා

උතුරු Chungcheong හි Goesan වේල්ල පිටාර ගැලීමට පටන් ගැනීමෙන් පසු පදිංචිකරුවන් 6,400 ක් පමණ ඉවත් කර ඇති අතර වේල්ල ආශ්‍රිත පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This