ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා

පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි

ඊයේ (19) කෙසෙල්වත්ත අලුත් කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ මෙම සැකකාරිය බවටයි මේ වන විට හෙළිව තිබෙන්නේ

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය 071 – 8591727 හෝ ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය 071 – 8591735 වෙත දැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

එමෙන්ම මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා

එම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ

Share This