ගන්දර වෙඩි තැබීමට යොදාගත් යතුරු පැදිය හමුවේ

ගන්දර වෙඩි තැබීමට යොදාගත් යතුරු පැදිය හමුවේ

ගන්දර ප්‍රදේශයේ දී අද පෙරවරුවේ ධීවර යාත්‍රා හා බස් රථ හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් යටියන , අක්කර 50 ප්‍රදේශයේ දී හමුවී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් රැගත් දෙදෙනෙකු පැමිණ ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ බස් රථ හා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් ඉලක්ක කර මාතර – ගන්දර ප්‍රදේශයේ දී අද උදෑසන 6.35ට පමණයි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කකුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Share This