
ගමට ආව වන අලියෙක් වගා ලිදක
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් බුදුරුවාගල ප්‍රදේශයේ වගා ළිදකට ඊයේ රාත්‍රි වන අලියෙක් ඇද වැටී තිබෙනවා.
රාත්‍රි කාලයේ වැදුන වන අලියෙක් මෙලෙස ළිදට වැටී ඇති අතර වනජීවි නිලධාරීන් පවසන්නේ මෙම වන අලියා ඉතා හොදින් වැඩුණු වයස අවුරුදු දහයත් – විස්සත් අතර වයසක පසුවන සත්වයකු බවයි.
අලියා ඇද වැටී ඇති ලිද ගම්මානයක් ආශ්‍රිතව පිහිටා ඇති නිසා දහවල් කාලයේ අලියා ගොඩ ගැනීම අවධානමක පවතින බැවින් අද පස්වරුවේ දි ගොඩ ගැනීමට කටයුතු කරන බව වනජීවි නිලධාරීන් සදහන් කළා.
අප වාර්තාකරු පෙන්වා දෙන්නේ මෙම ගම්මානය උග්‍ර වන අලි තර්ජනය පවතින ප්‍රදේශයක් වන අතර එම නිසා වන අලි මෙන්ම මිනිස් ජීවිතද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත් වී ඇති බවයි.