ගම්පහ මාර්ග රැසක පෞද්ගලික රියදුරන් – කොන්දොස්තරවරුන් වර්ජනයක

ගම්පහ මාර්ග රැසක පෞද්ගලික රියදුරන් – කොන්දොස්තරවරුන් වර්ජනයක

ගම්පහ රවුන්කඩේ අසල බස්නවතා මගීන් පටවා ගැනීමට අවසර ලබා නොදීමට විරෝධය පළ කරමින් ගම්පහ කොළඹ,ගම්පහ කඩුවෙල,ගම්පහ කිරිඳිවැල ,202, වතුරගම පාර යන මාර්ගවල බස් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ අද පෙරවරුවේ සිටයි.

වසර ගණනක් ගම්පහ රවුන්කඩේ අසල බස් රථ නතර කර මගීන් නංවා ගත් බවත්, එය නොමැතිවීම තමන් ගේ අදායමට බලපාන බවත් ‍බස් රථ රියදුරන් පවසනවා.

රියදුරන් සදහන් කළේ පොලිස් නිලධාරීන් මාර්ගය අවහිරවීම හේතුවෙන් මෙම ස්ථානයේ බස් රථ නතර කිරීමට ඉඩ නොදෙන බවයි.

එය සත්‍ය බව ද ඔවුන් පිළිගන්නා අතර මීට පෙර මෙම ස්ථානයේ බස් තුනක් නතර කිරීමට ඉඩ ලබා දී තිබූ බව පෞද්ගලික බස් රියදුරුවරුන් වැඩිදුරටත් පැවසුවා.

ඔවුන්ිල්ලා සිටින්නේ නාගරික කොමසාරිස්වරයා මැදිහත්ව මෙම ස්ථානයේ ඉඩ සකස් කර දෙන ලෙසටයි.

 

Share This