ග්‍රීසියේ ලැව්ගිනි තවදුරටත් – වනාන්තරයකින් සිරුරු 18ක් සොයා ගැනේ

ග්‍රීසියේ ලැව්ගිනි තවදුරටත් – වනාන්තරයකින් සිරුරු 18ක් සොයා ගැනේ

පසුගිය දින හතරක කාලය තුළ ලැව්ගිනිවලට හසුවූ උතුරු ග්‍රීසියේ වනාන්තර ප්‍රදේශයක තිබී සිරුරු 18ක් සොයාගත් බව ග්‍රීක ගිනි නිවන සේවය පවසා තිබෙනවා

මියගිය අය සංක්‍රමණිකයන් විය හැකි බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ

හදිසි මරණ පරීක්ෂක සහ විමර්ශන කණ්ඩායමක් Dadia වනාන්තරය අසල සිද්ධිය වූ ස්ථානයට යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තුර්කි දේශසීමාවෙන් නුදුරින් පිහිටි ඊසානදිග ග්‍රීසියේ Evros ප්‍රදේශය ලැව්ගිනිවලින් විනාශ වී ඇති බවද සඳහන්

ඇලෙක්සැන්ඩ්‍රොපොලිස් නගරයේ රෝහලක සිටි පිරිසක්ද ඉන් ඉවත් කිරීමට සිදුවූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

Share This