ගාල්ල නියෝජ්‍ය නගරාධිපති වූ පොදුජන පෙරමුණේ ප්‍රියන්ත ගොඩගමගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ගාල්ල නියෝජ්‍ය නගරාධිපති වූ පොදුජන පෙරමුණේ ප්‍රියන්ත ගොඩගමගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අද ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්ධු මහතා ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

එම ලිපියේ දැක් වෙන්නේ අද ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ඡ්න්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව උපදෙස් දී තිබූ බවයි.

එකී උපදෙස් වලට පටහැනිව ප්‍රියන්ත මහතා කටයුතු කර ඇති බවත් ඔහු නියෝජ්‍ය නගරාධිපති ධූරයට ඉදිරිපත්ව තේරී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කරන බව පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා සිය ලිපිය මගින් දන්වා යවා තිබෙනවා.

මේ අනුව පක්ෂයේ ඔහු හොබවන තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇති අයිතිය අහිමි වන බව ද අදාල ලිපියේ සදහන්.

Share This