ගාසා තිරයේ තිබූ හොඳම රෝහල සමූහ මිනී වලක් වෙයි

ගාසා තිරයේ තිබූ හොඳම රෝහල සමූහ මිනී වලක් වෙයි

කලකදී ගාසා තීරයේ විශාලතම හා හොඳම රෝහල වූ වූ අල්-ෂිෆා රෝහලේ වත්මන් තත්ත්වය සමූහ මිනී වලවල් නිසා ඉතා ඛේදනීය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෑත සතිවලදී, එම ස්ථානයේ සමූහ මිනී වළවල් හතරක් අනාවරණය වී ඇති අතර එහි තිබී මළ සිරුරු සිය ගණනක් සොයාගත් බවයි පලස්තීන සෝදිසි කණ්ඩායම් කියා සිටියේ.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල් සංකීර්ණයෙන් අප්‍රේල් 1 වන දින නිල වශයෙන් ඉවත් වූ බව සඳහන්.

කෙසේ වෙතත් හමාස් සංවිධානය එම ස්ථානයේ යළි එක්රැස් වී ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු සති දෙකක හදිසි වැටලීමක් සිදුකළා.

ඊශ්‍රායලයේ ප්‍රකාශක අවි හයිමන් මහතා කියා සිටියේ ඔවුන් එම ප්‍රදේශයේ සිටි ත්‍රස්තවාදීන් 200කට වැඩි ප්‍රමාණයක් ඉවත් කළ බවයි.

එමෙන්ම ඊශ්‍රායලය ත්‍රස්තවාදීන් 900කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර එහිදී එක සිවිල් වැසියෙකුටවත් හානියක් නොවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This