ගාසා තීරයට දින 60ක සටන් විරාමයක් යෝජනා කිරීමේ සූදානමක්

ගාසා තීරයට දින 60ක සටන් විරාමයක් යෝජනා කිරීමේ සූදානමක්

අමෙරිකාව විසින් ගාසා තීරයට දින 60ක සටන් විරාමයක් යෝජනා කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව, පළමු සතිය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 28 දෙනෙකු නිදහස් කිරීමට යෝජනා කර ඇති බව සඳහන්

එමෙන්ම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලද පලස්තීන සිරකරුවන් 125 දෙනෙකු සහ මියගිය පලස්තීනුවන් 180 දෙනෙකුගේ දේහයන් නිදහස් කිරීමට එහිදී අමෙරිකාව විසින් යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තුව සහ කටාර් නියෝජතයින් විසින් එය සහතික කර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා

එමෙන්ම සටන් විරාම ගිවිසුම අත්සන් කළ වහාම ගාසා තීරයට ආධාර යැවීම සිදු කෙරෙනවා

Share This