ගාසා තීරයට රැගෙන යන ආධාර ලොරි තවමත් දේශ සීමාවේ

ගාසා තීරයට රැගෙන යන ආධාර ලොරි තවමත් දේශ සීමාවේ

අත්‍යවශ්‍ය සැපයුම් රැගත් ලොරි සිය ගණනක් ඊශ්‍රායලය විසින් පාලනය නොකරන ගාසා තීරයට ඇති එකම හරස් මාර්ගය දෙසට ගමන් කරන බව සහන නිලධාරීහු පවසනවා

නමුත් රෆා ඇතුළු ගාසා තීරයට ඇතුළු වන සියලුම හරස් මාර්ග වසා දමා ඇති අතර දින ගණනාවක් පුරා ට්‍රක් රථ ඊජිප්තු ප්‍රදේශයේ පෙළ ගැසී ඇති බවයි පැවසෙන්නේ .

අනෙක් පැත්තෙන් විදේශ ගමන් බලපත්‍ර ඇති පලස්තීනුවන් පිටව යාමට බලා සිටින බව සඳහන්

මේ අතර ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ රෆා ප්‍රදේශයේ සහ ඛාන් යුනිස් ප්‍රදේශයේ නිවෙස්වලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

Share This