
ගාසා තීරයේ ගැටුම අවසන් කිරීමට තර්ජනයක්
බටහිර ඉවුර තුල ඊශ්‍රායලයේ පරමාධිපත්‍ය පැනවීම සඳහා වන නව පනත් කෙටුම්පතක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව තුල සම්මත කරගෙන තිබෙනවා.
ඒ හරහා බටහිර ඉවුර තමන් වෙත ඈදා ගැනීමට ඊශ්‍රායලයට බලය හිමිවනු ඇති.
කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙම පියවර, ගාසා තීරයේ ගැටුම අවසන් කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට තර්ජනයක් වනු ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අනතුරු අගවනවා.
කටාර් සහ සෞදිඅරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයක්ද එලෙසම ඊශ්‍රායල තීරණය දැඩිව හෙළා දැක තිබෙනවා.