ගාසා තීරයේ ‘මානුෂීය ව්‍යසනය’ නවත්වන්න – පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

ගාසා තීරයේ ‘මානුෂීය ව්‍යසනය’ නවත්වන්න – පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බදාදා ගාසා තීරයේ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා.

සිදුවන මානුෂීය ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන ලෙසයි පාප්වහන්සේ ඉල්ලා ඇත්තේ.

නිල වතිකානු පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ සිය සතිපතා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය අමතමින් පාප් වහන්සේ සියලු පාර්ශ්වයන්ගෙන් සිය ආයුධ බිම තබන ලෙස ඉල්ලා සිටි බවයි.

යුද්ධය කිසිවක් විසඳන්නේ නැති බව පවසමින් පාප්වහන්සේ පවසන්නේ මරණය විනාශය කර ගෙන යන බවත් වෛරය, පළිගැනීම වැඩි කරන බවත්ය.

එමෙන්ම යුද්ධය ලෝක පැවැත්මේ අනාගතය පිළිබඳව දැඩි ලෙස බලපෑම් සිදු කරන අතර සාමය උදෙසා කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This