ගාසා තීරයේ වැටලීම් තවදුරටත් සිදු කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දෙයි

ගාසා තීරයේ වැටලීම් තවදුරටත් සිදු කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දෙයි

මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත යෝජනාවක් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වූ බැවින් ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ එක රැයකින් ඉලක්කගත වැටලීමක් සිදු කළ අතර ඉදිරි දිනවලදී භූමි ප්‍රහාර දිගටම කරගෙන යාමට ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පටයේ උතුරු ගාසා තීරයේ වැටක් අසල මාර්ගයක බුල්ඩෝසරයක් ඇතුළු ටැංකි සහ සන්නද්ධ වාහන ගමන් කරන ආකාරය පෙන්නුම් කරනවා.

ඊශ්‍රායල හමුදාව ඉදිරි දින කිහිපය තුළ ගාසා තීරයේ වැටලීම් දිගටම කරගෙන යනු ඇති බව IDF ප්‍රකාශක Daniel Hagari කියා සිටියා.

බිම් ආක්‍රමණවල අරමුණ හමාස් සටන්කාමීන් මරා දැමීම, සම්පූර්ණ ආක්‍රමණයකට අඩිතාලම දැමීම සහ හමාස් සටන්කාමීන්ගේ පුපුරණ ද්‍රව්‍ය සහ ඔත්තු බැලීමේ ස්ථාන උදාසීන කිරීමයි.

Share This