ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාවලිය අඩාල වූ බවට චීනයෙන් ප්‍රකාශයක්
පලස්තීන-ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවත්වා තිබෙනවා.
ඊයේ (25) පැවති එම රැස්වීමේදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා පැවසුවේ අමෙරිකාවේ තනි නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ඇරඹීම වෙනුවෙන් පසුගිය 20 වැනිදා ආරක්ෂක මණ්ඩලය ගත් උත්සාහය අඩාල වූ බවයි.
ඉන්පසු දිනවලදී ගාසා තීරයේ ගැටුම්වලින් තවත් සිවිල් වැසියන් සියයකට වඩා වැඩි පිරිසක් මිය ගිය බවත්, දිනෙන් දින තත්ත්වය අවදානම් කලාපයකට හැරෙමින් පවතින බවත් චීනයේ නිත්‍ය නියෝජිතවරයා එහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම ඔහු එහිදී අවධාරණය කර සිටියේ කොන්දේසි විරහිත සහ කල්පවත්නා කඩිනම් සටන් විරාමයක් ඇරඹීම සහ මානුෂීය ප්‍රවේශයට ඇති බාධා ඉවත් කිරීම ඉතා වැදගත් බවයි.
තවද, ගාසා තීරය වෙත ආධාර ප්‍රවේශයට ඇති සියලු සීමාවන් ඊශ්‍රායලය වහාම ඉවත් කළ යුතු බවත්, ආසන්න පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය ඉලක්ක කරගත් පනත් කෙටුම්පත් ඉවත් කළ යුතු බවත් චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත්, ලෙබනනය, සිරියාව, ඉරානය සහ අනෙකුත් රටවලට එරෙහි ආක්‍රමණ සහ ප්‍රකෝප කිරීමේ හැසිරීම් ඊශ්‍රායලය වහාම නතර කළ යුතු බවත් Fu Cong මහතා එහිදී ප්‍රකාශ කළා.