ගාසා තීරයේ සිදුවන ජාත්‍යන්තර මානුෂීය නීතියේ උල්ලංඝනයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කනස්සල්ලට

ගාසා තීරයේ සිදුවන ජාත්‍යන්තර මානුෂීය නීතියේ උල්ලංඝනයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කනස්සල්ලට

ගාසා තීරයේ සිදුවන ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කණස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී Antonio Guterres පවසනවා

සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසුවත් දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීමද ඔහු විසින් හෙළා දැක තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් ආධාර ට්‍රක් රථ අටක් ගාසා තීරයට ඇතුළු වූ නමුත් ආධාර ප්‍රමාණවත් තරම් නොලැබෙන බවයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ

හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 200 කට වැඩි පිරිසක් තවදුරටත් ගාසා තීරයේ දිගටම රඳවා සිටින අතර මේ වන විට සිව් දෙනෙකු නිදහස් කර තිබෙනවා

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වනදා සිට 5,800කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි.

හමාස් තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා

Share This