ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් ඉවත් කරගැනීමට ඊශ්‍රායලයෙන් දැනුම්  දීමක්

ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් ඉවත් කරගැනීමට ඊශ්‍රායලයෙන් දැනුම් දීමක්

ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන අල්-කුඩ්ස් ඉවත් කරන ලෙස ඊශ්‍රායලය ඔවුන්ට දන්වා ඇති බව ගාසා තීරයේ පලස්තීන Red Crescent සංගමය පවසනවා

දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ ඉන්කියුබේටර්වල ළදරුවන් සිටින අතර ඔවුන් ගෙනයාමට නොහැකි බවයි එම සංවිධානය පවසන්නේ

සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ රෝහලේ සහ එහි භූමියේ නවාතැන් ගෙන සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊයේ ( 29) ගාසා තීරයේ ත්‍රස්තවාදීන් බොහෝ පිරිසක් මරා දැමූ බව ඊශ්‍රායලය වාර්තා කරන අතර රෝහල් ප්‍රදේශයට දවස පුරා ගුවන් ප්‍රහාර එල්ල වූ පැවසෙන්නේ

මේ වනවිට සහනාධාර රැගෙන ගිය ට්‍රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දී තිබෙනවා

පුද්ගලයන් 1,400 ක් මරුමුවට පත් වූ සහ පුද්ගලයන් 230 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඔක්තෝබර් 7 දා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

 

Share This