
ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කල අඹුසැමි යුවල අත්අඩංගුවට
ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් අලෙවි කළ අඹුසැමි යුවලක් අද (26) නාවලපිටිය පොලිසි අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන අඹුසැමි යුවලක් යතුරු පැදියකින් ගොස් ගම්පොළ, නාවලපිටිය යන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින බවට නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මොවුන් අත් අඩංගුවට ගත් බවයි.
නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිළ නිවස අසළදී ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 (ග්‍රෑම් 35ක් ) තිබි සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 න් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල තිබි සොයා ගත් බවත්, එක් අයිස් පැකට්ටුවක් රු.7000 ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවටත් මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.
සැකකාර අඹුසැමි යුවල ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23-27 ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම අඹු සැමියුවල ඩුබායි තාරු නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට ප්‍රදේශය පුරා බෙදා හරින බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

