
ගැරඬිඇල්ලේ බස් රථයේ සිටි ජනතාවගේ ගමන්මලු කොත්මලේ පොලිසියේ
ගැරඬිඇල්ලේ බස් අනතුරින් අනතුරට පත් බස් රථයේ සිටි ජනතාවගේ ගමන්මලු සහ ජංගම දුරකථන මේ වනවිට කොත්මලේ පොලිසියේ සුරක්ෂිතව තබා තිබෙනවා.
අනන්‍යතාව තහවුරු කර එම භාණ්ඩ හා ජංගම දුරකථන ලබාගත හැකි බවයි කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ.
ජංගම දුරකතන 35ක්, ගමන්මලු සහ අනෙකුත් වටිනා බඩු භාණ්ඩ පොලීසිය තුළ සුරක්ෂිතව තබා ඇතැයි ද ස්ථානාධිපතිවරයා සඳහන් කළා.