ගෑස් සපයන කම්කරුවන්ගේ වැඩවර්ජන හේතුවෙන් යුරෝපයේ ගෑස් තොග මිල ඉහළ යාමේ අවදානමක්

ගෑස් සපයන කම්කරුවන්ගේ වැඩවර්ජන හේතුවෙන් යුරෝපයේ ගෑස් තොග මිල ඉහළ යාමේ අවදානමක්

බටහිර ඕස්ට්‍රේලියාවේ Chevron Wheatstone කම්හල ගෝලීය වෙළඳපොලට ද්‍රව ස්වභාවික වායුව (LNG) සපයන අතර එම කම්හල් දෙකක කම්කරුවන් සැප්තැම්බර් 7 වනදා සිට වැඩවර්ජනයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සති ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡා වලින් පසුව මෙය සිදුවන බවයි වාර්තා වන්නේ

වැඩ වර්ජන හේතුවෙන් යුරෝපයේ ගෑස් තොග මිල ඉහළ දැමීමට හැකියාවක් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය සතියේද යුරෝපයේ ගෑස් තොග මිල ඉහළ ගියේ Chevron සහ Woodside Energy විසින් පවත්වාගෙන යනු ලබන තවත් ඕස්ට්‍රේලියානු ද්‍රව ස්වභාවික වායුව සපයන (LNG ) කම්හලෙහි සැපයුම කඩාකප්පල් වීම නිසා බවත් සඳහන්

Share This