ගෑස් හිඟයක් ද ? – හෙට පැමිණීමට නියමිතව තිබූ ‘ගෑස් නැව’ එන්නේ ඉරිදා

ගෑස් හිඟයක් ද ? – හෙට පැමිණීමට නියමිතව තිබූ ‘ගෑස් නැව’ එන්නේ ඉරිදා

ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඇතැම් ගෑස් ඒජන්තවරු මාසයේ මුල සියලු තොග ගැනීමට අකමැත්ත පළ කරන බවයි.

මිල සූත්‍රය අනුව ඇතැම් විට මිල අඩුවේයැයි උපකල්පනය කරමින් ඇතැම් ගෑස් ඒජන්තවරු මෙලෙස කටයුතු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

හෙට (05) පාන්දර පැමිණීමට නියමිතව තිබූ ගෑස් නැව ඉරිදා දක්වා ප්‍රමාද වන බවද සභාපතිවරයා කියා සිටියා.

Share This