ගින්නක් නිසා සුරතල් සතුන් 1,000ක් මරුට

ගින්නක් නිසා සුරතල් සතුන් 1,000ක් මරුට

බැංකොක්හි සුප්‍රසිද්ධ එළිමහන් වෙළඳපොලක් වන Chatuchakහි ඇති වූ ගින්නකින් සතුන් 1,000 ක් පමණ මියගොස් තිබෙනවා.

එමෙන්ම ගින්නෙන් වෙළඳසැල් 100 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුරතල් කලාපයේ කූඩු තුළ සිටි කුරුල්ලන්, බල්ලන්, බළලුන් සහ සර්පයන් වැනි සතුන් මෙලෙස ගින්නෙන් පිළිස්සී මියගොස් තිබෙනවා.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති අතර, සිද්ධියෙන් කිසිදු මිනිස් ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම සිදුවීමෙන් පසු සතුන්ගේ දුර්වල ජීවන තත්ත්වයන් සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇති අතර ඉහළ රෝග හා මරණවලට තුඩු දී ඇති බව වාර්තා වන සුරතල් කලාපය වසා දමන ලෙසද දැනුම් දී තිබෙනවා.

Chatuchak අග්නිදිග ආසියාවේ විශාලතම එළිමහන් වෙළඳපොල ලෙස සැළකෙනවා.

එය තායිලන්තයේ සති අන්ත වෙලඳපොලවල් අතරින් විශාලතම සහ වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් වන අතර සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සංචාරකයින් 200,000 කට ආසන්න ප්‍රමාණයක් එහි පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් සුරතල් සතුන් අලෙවි කරන වෙළඳපොලේ කොටස සතිය පුරා විවෘතව පවතිනවා.

සුරතල් සතුන් සිටින කලාපය Chatuchak වෙළඳපොලේ කොටස් 27 න් හතරක් පමණ වන අතර එහි වඩාත්ම ප්‍රසිද්ධ වී ඇති වෙළඳාම ලෙස ප්‍රසිද්ධ වී ඇත්තේ සුරතල් සතුන් අලෙවි කිරීම බව සඳහන්.

Share This