ගිනි අවි නිපදවන කුඩු පාතාලයෙක් අළුබෝමුල්ලේ දී කොටු

ගිනි අවි නිපදවන කුඩු පාතාලයෙක් අළුබෝමුල්ලේ දී කොටු

අන්තර්ජාලය බලා ගිනි අවි නිෂ්පාදනය කර සිය සමීපතමයන් වෙත ලබා දුන් බවට සැක කරන 26 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙකු එලෙස නිෂ්පාදනය කරමින් සිටි ගිනි අවියක් සහ මත්ද්‍රව‍ය සමගඅළුබෝමුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශගතව සිට මෙරට අපරාධ සිදු කිරීම සඳහා නියෝග ලබාදෙන නිලංග නමැත්තාගේ අපරාධ මෙහෙයවන අංජන යන අයගේ සමීපතමයෙක් වන ගොගරලි මලිත් සඳරුවන් නොහොත් මලියා යන අයයි.

එම සැකකරු සමග සියයට අනූවක් පමණ නිෂ්පාදනය කළ ගිනි අවියක් , එම ගිනි අවිය ක්‍රියාත්මක කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අඩංගු ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් හා අයිස් මත්ද්‍රව‍ය මිලි ග්‍රෑම් 10,500 ක් හා රුපියල් 10000/= ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අළුබෝමුල්ල , අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට පොලීසිය ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී
මලියා යන සැකකරුගේ නිවසේ නිදන කාමරය සහ අදාල සැකකරු පරික්ෂා කිරීමේදී හැඳ සිටි කොට කලිසමේ පැති සාක්කුවේ තිබී
අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බව පොලිසිය පැවසුවා.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ගිනි අවියක් ක්‍රියාත්මක කරන ආකාරයේ වීඩියෝවක් තිබෙන අයුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී නිවස පිහිටි ඉඩමේ නිෂ්පාදනය කරමින් සිටි ගිණි අවිය වළදමා තිබී පොලීසිය සොයාගෙන තිබුණා.

 

 

Share This