
ගුවන් අනතුරින් එක මගියකුගේ දිවි බේරේ
බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් එක් අයෙකු සිටින බව වාර්තා වනවා.
ඔහු 11A ආසනයේ සිටි ගුවන් මගියායි.
අහමදාබාද් පොලිස් කොමසාරිස් ජී.එස්. මලික් පවසන්නේ දිවි ගලවා ගත් පුද්ගලයා “රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින” බවයි.
මෙම මගියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන විශ්වාෂ් කුමාර් රමේෂ් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඔවුන් රෝහලේ සිටින විශ්වාෂ් සමඟ කතා කළ බවයි.
ඔහු පවසා ඇත්තේ ගුවන් ගත වී තත්පර තිහකට පසු, විශාල ශබ්දයක් ඇති වූ අතර පසුව ගුවන් යානය කඩා වැටුණ බවයි. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදු වූ බව ඔහු පැවසුවා.
මේ අතර අහමදාබාද් ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව තිබෙනවා.
ගුවන් අනතුරු විමර්ශන ශාඛාව (AAIB) පවසන්නේ ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයට “විධිමත් ලෙස සිය සහාය ලබා දීමට කටයුතු කරන බවයි.