ගුවන් අනතුරින් මියගිය පිරිස් සෙවීමේ කටයුතු දිගටම
මළ සිරුරු 30 ත් 35 ත් අතර සොයා ගෙන

ගුවන් අනතුරින් මියගිය පිරිස් සෙවීමේ කටයුතු දිගටම

අනතුරට ලක්වූ ස්ථානයේ ගොඩනැගිල්ලකින් අවම වශයෙන් මළ සිරුරු 30 ත් 35 ත් අතර ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව ගලවා ගැනීමේ සේවකයින් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

අද (12) අහමදාබාද් ගුවන්තොටුපළ අසල එයාර් ඉන්දියා අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව නිලධාරීන් පවසනවා.

මගීන් 242 දෙනෙකු රැගෙන ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු කඩා වැටී ගුවන් තොටුපළ පරිශ්‍රයට ඔබ්බෙන් ගොඩනැගිල්ලක හැපී ගිනිගැනීමට ලක්ව තිබුණා.

 

 

Share This