ගුවන් අනතුරුවලින් පුද්ගලයන් 346ක් මියගිය පවුල්වල ඥාතීන් වන්දි ඉල්ලයි

ගුවන් අනතුරුවලින් පුද්ගලයන් 346ක් මියගිය පවුල්වල ඥාතීන් වන්දි ඉල්ලයි

Boeing 737 මැක්ස් ගුවන් අනතුරු දෙකකින් විපතට පත් වූවන්ගේ පවුල් විසින් එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවූ මෙම මාරාන්තික ආයතනික අපරාධය නීතිමය පියවර ගන්නා ලෙස සහ ඩොලර් බිලියන 24.8 ක වන්දියක් ඉල්ලා තිබෙනවා.

පවුල්වල නීතීඥ Paul Cassell පවසන්නේ , Boeing සමාගමේ අපරාධ සඳහා ඉල්ලා ඇති එම දඩ මුදල යුක්ති සහගත බවයි.

2018 සහ 2019 දී සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයින් 346 දෙනෙකු මිය ගිය විට එක්සත් ජනපද රජය සමාගමට නායකත්වය දෙන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරිය යුතු බවයි එම නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ.

කොංග්‍රසයට සාක්ෂි ලබා දෙමින් Boeing හි ප්‍රධාන විධායක ඩේව් කැල්හෝන් විසින් සමාව අයැදමින් ලිපියක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2018 ඔක්තෝම්බර් මාසයේදී, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ගුවන්ගත වී මිනිත්තු 13කට පසු යානය ජාවා මුහුදට කඩා වැටීමෙන් ලයන් එයාර් ගුවන් යානයේ සිටි 189 දෙනාම මිය ගියා.

එමෙන්ම 2019 මාර්තු මාසයේදී ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉතියෝපියානු අගනුවර වන අඩිස් අබාබා සිට ගුවන්ගත වී මිනිත්තු හයකට පසු කඩා වැටුණු අතර යානයේ සිටි 157 දෙනාම මිය ගිය බව සඳහන්.

මෙම කඩා වැටීම් දෙකම දෝෂ සහිත පියාසර පාලන පද්ධති සමග සම්බන්ධ වී තිබූ බවයි හෙළිවී ඇත්තේ.

2021 වසරේදී මෙම අනතුරු දෙකට සම්බන්ධ Boeing සමාගමට එරෙහිව ඉදිරිපත් කරන ලද වංචා පිළිබඳ අපරාධ චෝදනාවක් යළි පණ ගැන්වීමට අධිකරණ දෙපාර්තමේන්තුව උත්සහ කරමින් සිටින බව වාර්තා වනවා.

නඩුව නැවත ඉදිරියට ගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීමට අධිකරණ දෙපාර්තමේන්තුවට ජූලි 7 දක්වා කාලය දී ඇති බව සඳහන්.

පුද්ගලයින් 346 දෙනෙකුගේ මරණ සඳහා Boeing සහ එහි ආයතනික විධායකයින් සාපරාධී ලෙස වගකිව යුතු බවට එක්සත් ජනපද රජයට දිගින් දිගටම බලපෑම් කරන බවයි මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ.

Share This