
ගුවන් අන්තුරින් මියගිය පිරිස අතර ගුජරාටයේ හිටපු මහ ඇමති සහ වෛද්‍ය පවුලක්
ගුජරාටයේ හිටපු මහ ඇමති විජේ රූපානි ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වාර්තාකරුවන්ට පැවසීය.
68 හැවිරිදි රූපානි 2016-21 දී බටහිර ඉන්දීය ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස සේවය කළේය.
ඔහු පාලක භාරතීය ජනතා පක්ෂ පක්ෂයේ සාමාජිකයෙකි.
මේ අතර මෙම ගුවන් යානයේ ගමන් ගත් වෛද්‍ය යුවලක් යානය ගුවන්ගත්වීමට පෙර සෙල්පි ඡායරූපයක් ලබාගෙන තිබෙනවා.
උදයිපූර්හි රෝහලක සේවය කළ වෛද්‍යවරියක වූ කෝමි ව්‍යාස්, රැකියාවෙන් ඉවත් වී තම සැමියා වන වෛද්‍ය ප්‍රතීක් ජෝෂි සමඟ ලන්ඩනයට තම දරුවන් තිදෙනා සමඟ යමින් සිට තිබෙනවා.
මේ අතර අහමදාබාද්හි එයාර් ඉන්දියා ගුවන් යානයේ ඛේදජනක අනතුරින් ජීවිත අහිමි වූ සෑම පුද්ගලයෙකුගේම පවුල්වලට රුපියල් කෝටි 1 ක වන්දි මුදලක් ගෙවන බවට ටාටා සමූහය නිවේදනය කර තිබෙනවා.
“මේ මොහොතේ අපට දැනෙන ශෝකය වචනවලින් ප්‍රමාණවත් ලෙස ප්‍රකාශ කළ නොහැකයි. අපගේ සිතුවිලි සහ යාච්ඤා තම ආදරණීයයන් අහිමි වූ පවුල් සමඟ සහ තුවාල ලැබූවන් සමඟ බෙදා ගන්නවා ,” ටාටා සමූහයේ සභාපති එන්. චන්ද්‍රසේකරන් පැවසුවා.