ගුවන් සේවිකාවන්ට ලිංගික හිරිහැර කළ සැකකරුට ඇප

ගුවන් සේවිකාවන්ට ලිංගික හිරිහැර කළ සැකකරුට ඇප

ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.

සැකකරු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

එහිදී සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

ස්වීඩනයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි එම සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව සඳහන්.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී බීමත්ව සිටි සැකකාර පුද්ගලයා එම ගුවන් යානයේ සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර සෙසු මගීන්ට හිරිහැරයක් වන ආකාරයට හැසිරී ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

සැකකාර පුද්ගලයා පොලිසිය විසින් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.

Share This