ගුවන් හමුදාපති මහානාහිමිවරුන් බැහැදකී

ගුවන් හමුදාපති මහානාහිමිවරුන් බැහැදකී

මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා ආරක්‍ෂක අංශ සාර්ථක වැටලීම් මේ වනවිට සිදුකරමින් පවතින බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවති ආගමික කටයුතුවලට එක්වීම සඳහා මහනුවරට පැමිණි ගුවන් හමුදාපතිවරයා මල්වතු විහාරයට ගොස් මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

එහිදී ගුවන් හමුදාපතිවරයා මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ ඒවා මැඩලීම සම්බන්ධයෙන් මේ වනවිට ගෙනඇති ක්‍රිමාර්ග පිළිබඳ මල්වතු මහ නාහිමියන් දැනුවත් කරනු ලැබුවා.

අනතුරුව ගුවන්හමුදාපතිවරයා අස්ගිරි මහාවිහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

Share This