ගොඩගම හන්දියේ දී ත්‍රිරෝද රථයක ලොරි රථයක් ගැටී 4 ක් තුවාල ලබයි

ගොඩගම හන්දියේ දී ත්‍රිරෝද රථයක ලොරි රථයක් ගැටී 4 ක් තුවාල ලබයි

පාදුක්ක – බොරැල්ල මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේදී ත්‍රී රෝද රථයක් , කුඩා ලොරි රථයක ගැටීමෙන් අද (26) උදෑසන සිදු වූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා හෝමගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ත්‍රී රෝද රථය ආහාර සැපයීමේ නිරතව සිටි කණ්ඩායමක් අතුරුගිරිය දෙස සිට ගොඩගම දෙසට ධාවනය කරමින් සිටියදී අනෙක් පසින් පැමිණි කුඩා ලොරි රථය ගැටී ඇති බව පොලීසිය සදහන් කළා.

අනතුරින් ත්‍රී රෝද රථය කොටස් කිහිපයකට කැඩී ගොස් තිබුණා.

Share This