
ගෝලීය ආර්ථිකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ආසියාවේ සෙසු රටවල් සමඟ එක්වීමට චීනය සූදානම්
ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව “ආසියානු දායකත්වයන්” ලබා දීම සඳහා අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළ කර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
මේ දිනවල පැවැත්වෙන බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුවේදී “ආසියාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ඒකීයකරණ ක්‍රියාවලිය පිළිබඳ 2025 වාර්ෂික වාර්තාව” නිකුත් වූ අතර 2025 දී ආසියාවේ ආර්ථික වර්ධන වේගය 4.5% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.
ඒ පිළිබඳව Guo Jiakun මහතා අදහස් දක්වමින් පැවසුවේ ආසියාවේ ගෝලීය සංවර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් ආසියානු පවුලේ වැදගත් සාමාජිකයෙකු සහ බෝ ආඕ ආසියානු සංසදයේ සත්කාරක රට ලෙස, චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයක් සහ ඉහළ මට්ටමේ විවෘතභාවයක් තරයේ ප්‍රවර්ධනය කරනු ඇති බවයි.