ගෝලීය කිරි නිෂ්පාදනයේ පෙරට පැමිණි රට

ගෝලීය කිරි නිෂ්පාදනයේ පෙරට පැමිණි රට

ඉන්දියාව ලොව විශාලතම කිරි නිෂ්පාදකයා බව එරට ධීවර, සත්ත්ව පාලන හා කිරි නිෂ්පාදනය පිළිබඳ අමාත්‍ය පර්ෂෝත්තම් රූපලා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2021 – 2022 වසර තුළ ඉන්දියාව ගෝලීය කිරි නිෂ්පාදනයෙන් සියයට 24 ක ප්‍රතිශතයකට දායක වී ඇති බවයි.

එමෙන්ම ඉකුත් වසර 08 ක කාලයේදී ඉන්දියාවේ කිරි නිෂ්පාදනය සියයට 51 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

2021 – 2022 වසර වනවිට ඉන්දියාවේ කිරි නිෂ්පාදනය ටොන් කෝටි 22 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

කිරි කර්මාන්තයේ නිරත ගොවීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා එරට සත්ත්ව පාලන දෙපාර්තමේන්තුව මේවනවිටත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This