ඝාතකයෙක් වැලිගම දී ටී 56 එක්ක බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට

ඝාතකයෙක් වැලිගම දී ටී 56 එක්ක බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

 

 

Share This