ඝාතන රැසකට සම්බන්ධ වෙඩික්කරුවෙකු හංවැල්ලේදී කොටු

ඝාතන රැසකට සම්බන්ධ වෙඩික්කරුවෙකු හංවැල්ලේදී කොටු

හංවැල්ල නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අදාළ සැකකරු බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු 38 හැවිරිදි වියේ පසුවන හිටපු යුද හමුදා සෙබළෙකු වනවා.

ලලිත් කන්නගර නමැති සංවිධානාත්මක අපරාධ කලේ සාමාජිකයාගේ ප්‍රධාන වෙඩික්කරුවකු ලෙස කටයුතු කරන අදාළ සැකකරු සන්තකයේ තිබි T-56
වර්ගයේ ජීව උණ්ඩ 15ක්, විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් යුද හමුදා ඇඳුම්ක, හිස් වැසුමක් මෙන්ම ජංගම දුරකථන තුනක් සහ සිම් කාඩ් පත් 14ක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

මීට පෙර හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මන්න රොෂාන් සහ ඔහුගේ සහෝගේ සහෝදරයා මෙන්ම තවත් පුද්ගලයකු ඝාතනයට ලක්වුණු අතර එම ඝාතනද දැනට ඩුබායි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලාල් කන්නන්ගර නමැත්තාගේ මෙහෙයවීම මත සිදුකර තිබුණා.

එම ඝාතන සඳහාද අදාළ හිටපු යුද හමුදා සෙබළා සම්බන්ධ බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

හංවල හා අවට ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් කප්පම් බලපා ගැනීමේ කටයුතු නිරත වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නැමැත්තා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිනවා.

Share This