චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානයෙන් පළමුවරට ලබාගත් සඳෙහි ඡායාරූප නිකුත් කෙරේ

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානයෙන් පළමුවරට ලබාගත් සඳෙහි ඡායාරූප නිකුත් කෙරේ

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය පසුගිය සෙනසුරාදා(05) චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ අතර එම යානය විසින් ලබාගත් සඳෙහි පළමු ඡායාරූප මේ වනවිට නිකුත් කර තිබෙනවා .

එමෙන්ම චන්ද්‍රයාන්-3 යානය, රෝවරයක් සමග අගෝස්තු 23 වන දින සඳ මතුපිටට ගොඩ බැස්සවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එය සාර්ථක වුවහොත් සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබසින පළමු රට ඉන්දියාව වනු ඇති බවත් එමෙන්ම එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සිදු කළ සිව්වන රට ඉන්දියාව වනු ඇති

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය පසුගිය ජූලි 14 වනදා පස්වරු 2.35 ට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වුණා

Share This