“චන්ද්‍රයාන් – 3 ” ගුවනට  (VIDEO)

“චන්ද්‍රයාන් – 3 ” ගුවනට (VIDEO)

සාර්ථක මෙහෙයුමකින් පසු “චන්ද්‍රයාන්-3 “අභ්‍යවකාශ යානය අද(14) පස්වරු 2.35 ට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා .

අභ්‍යවකාශ යානය දියත් කරන විට ශ්‍රීහරිකෝටා හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් පාලනයේ විද්‍යාඥයින් අත්පොළසන් දෙමින් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබෙනවා

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චන්ද්‍රයාන්-3 දියත් කිරීමට පෙර ට්විටර් සටහනක් තබමින් “අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන විශිෂ්ට මෙහෙයුමක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් , 2023 ජූලි 14 සැමවිටම රන් අකුරින් සටහන් වනු ඇති බවත් ” යනුවෙන් තම සතුට ප්‍රකාශ කර තිබෙනවා

චන්ද්‍රයාන් – 3 ගුවන්ගත කිරීම නැරඹීමට දහස් ගණනක් ජනතාව පැමිණ සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම අභ්‍යවකාශ යානය දින 40ක කාලයකට පසු එනම් අගෝස්තු 23-24 දිනවල සඳ මත ස්පර්ශ කෙරෙනු ඇති බවට විශ්වාස කරන බවද අභ්‍යවකාශ නිලධාරීන් පවසා තිබෙනවා

Share This