චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු පළමු වරට සංසරණයට

චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු පළමු වරට සංසරණයට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රුව සහිත බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු එරට පළමු වරට සංසරණයට පැමිණ තිබෙනවා.

ඔහුගේ රාජාභිෂේකයෙන් පසුව පළමු වරට සංසරණයට පැමිණ ඇති එම නෝට්ටුවල ඉදිරිපස රජුගේ රුව දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස මුදල් නෝට්ටු 4ක් සංසරණයට පැමිණ ඇති අතර පවුම් 5, 10, 20 සහ 50 ලෙස වූ මූල්‍යමය වටිනාකම්වලින් ඒවා යුක්ත වන බව සඳහන්.

චාල්ස් රජුගේ රුව සහිත කාසි 2022 වසරේ දී සංසරණයට ගෙන තිබුණා.

Share This