චැඩ් ජනරජයේ හමුදා පතොරොම් ගබඩාවක් පුපුරයි

චැඩ් ජනරජයේ හමුදා පතොරොම් ගබඩාවක් පුපුරයි

චැඩ් ජනරජයේ අගනුවර වන N’Djamena හි හමුදා පතොරොම් ගබඩාවක් පුපුරාගොස් දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම සිදුවීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ස්ථානයෙන් පිපිරීම් මාලාවක් වාර්තා වී ඇති අතර මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන්.

මෙම පතොරොම් ගබඩාව එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආසන්න ස්ථානයක පවතින නමුත් පිපිරීමෙන් ඊට බලපෑම් එල්ල වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This