චිකාගෝ හි වෙඩි තැබීමකින් එකම පවුලේ සියලුම දෙනා මරුට

චිකාගෝ හි වෙඩි තැබීමකින් එකම පවුලේ සියලුම දෙනා මරුට

චිකාගෝ හි නිවසක සිදුව ඇති වෙඩි තැබීමකින් දෙමව්පියන් ,දරුවන් සහ එම නිවසේ සිටි සුනඛයන් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා

මිය ගිය අය Alberto Rolon, Zoraida Bartolomei සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන 10 හැවිරිදි Adriel සහ 7 හැවිරිදි Diego ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ

මොවුන්ට සහ ඔවුන්ගේ සුනඛයන් තිදෙනාට පසුගිය සෙනසුරාදා රාත්‍රියේ හෝ ඉරිදා අලුයම අතර කාලයේදී වෙඩි තබා ඇති බවට නිලධාරීන් විශ්වාස කරනවා

පසුව රොමියෝවිල් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් මෙම සිරුරු සොයා ගෙන ඇති අතර රොමියෝවිල් පොලිසියේ නියෝජ්‍ය ප්‍රධානී ක්‍රිස් බර්න් පවසා තිබෙන්නේ මෙම මරණ මිනීමැරුම් බවත් සිය දිවි නසාගැනීමක ප්‍රතිඵලයක් බවට ඔවුන් විශ්වාස නොකරන බවත්ය .

කෙසේවෙතත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා

Share This