චීනයෙන් අමෙරිකාවට අභියෝගයක්

චීනයෙන් අමෙරිකාවට අභියෝගයක්

ඕනෑම ආකාරයක යුද්ධයකට සූදානම් බවට චීනය අමෙරිකාවට අනතුරු අඟවා තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ යන වෙළෙඳ තීරුබදුවලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය මෙසේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ යුද්ධයක් නම්, එය තීරුබදු යුද්ධයක්, වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක දෙයක් වුවද, එහි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්” යැයි චීන තානාපති කාර්යාලය විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් චීන අගමැති ලී ක්වාං නිවේදනය කර ඇත්තේ චීනය මෙම වසරේදීත් සිය ආරක්ෂක වියදම් 7.2% කින් ඉහළ නංවන බවයි.

Share This