
චීනයෙන් ආනයනය කළ වාහන 1000 ක් සමාගම කොලේ වහලා ගෙන්නුවාද?
විද්‍යුත් වාහනවල මෝටර් ධාරිතාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුවෙන් මෙරටට ගෙන්වන ලද චීනයේ නිෂ්පාදිත බී.වයි.ඩී. මෝටර් රථ 1000ක් පමණ නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව සිය භාරයේ තබාගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුවුණා.
මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ එම වාහන ගෙන්වනු ලබන සමාගම වාහන ඒකාධිකාරියක් ගොඩනැගීමේ අරමුණින් එලෙස වාහනවල සැබෑ කිලෝවොට් ධාරිතාවය වෙනස් කරමින් අඩු බදු මුදලක් ගෙවා රේගුවෙන් නිදහස් කර ගැනීමට උත්සාහ කර ඇති බවටයි.
විද්‍යුත් වාහනවල මෝටර් ධාරිතාවය සම්බධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුවෙන් මෙරටට ගෙන්වන ලද චීනයේ නිෂ්පාදිත BYD මෝටර් රථ 1000ක් පමණ නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව සිය භාරයේ තබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙම ගැටලුවට මූලික වී ඇත්තේ ආනයනය කරන ලද වාහනවල සැබෑ කිලෝවොට් ධාරිතාවයයි.
කිලෝවොට් 150ක මෝටර් බලයකින් යුත් වාහන, කිලෝවොට් 100 වාහන ලෙස වර්ගීකරණය කර, අඩු බදු මුදලක් ගෙවා රේගුවෙන් නිදහස් කර ගැනීමට උත්සාහ කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ.
කිලෝවොට් 100 වාහනයක් සඳහා රුපියල් මිලියන 2.4ක බද්දක් අය කෙරෙන අතර, කිලෝවොට් 150 වාහනයක් සඳහා ගෙවිය යුතු බදු මුදල රුපියල් මිලියන 5.4ක් වීම නිසා මෙහිදී රජයට විශාල බදු ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බවට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.
මෙම වාහන ආනයනය කරන ලද, ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා වන ජෝන් කීල්ස් සීජී ඔටෝ පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන් චීනයේ BYD සමාගමෙන් සෘජුවම ආනයනය කළේ කිලෝ වොට් 100 මාදිලියේ වාහන බවයි.
එම වාහන සිංගප්පූරුව වැනි නියාමනය කරන ලද වෙළෙඳපොළවලට සපයන මාදිලිවලට සමාන බවත්, සියලුම දේශීය රෙගුලාසිවලට අනුකූලව, පූර්ණ විනිවිදභාවයකින් යුතුව මෙම ගෙන්වීම සිදුකළ බවත් එම සමාගම අවධාරණය කරනවා.
ලංකාවට වාහන ආනයන කිරීමේදී මතු වූ ගැටලු සහ මේ වනවිට වරායේ හිරවී ඇති BYD වාහන සම්බන්ධව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ මෙවන් පසුබිමකයි.