චීනයේ ඉඩම් මිලදී ගැනීම් ගැන ඇමරිකාවේ සහ ජපානයේ කණස්සල්ල

චීනයේ ඉඩම් මිලදී ගැනීම් ගැන ඇමරිකාවේ සහ ජපානයේ කණස්සල්ල

චීන සමාගම් ආරක්ෂක කඳවුරු ප්‍රදේශ අසල ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ජපානය කනස්සල්ල මතු කර ඇති බව වාර්තාවෙනවා.

චීන සමාගමක් විසින් හොකයිඩෝ හි ජපන් ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ රේඩාර් පද්ධතිය අසල ඉඩමක් අත්පත් කර ගත් අතර චීනයේ ෆුෆෙන්ග් සමූහය එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටා හි ග්රෑන්ඩ් ෆෝක්ස් අසල ගොවිබිම් අක්කර 300 ක් මිලදී ගෙන ඇති බව සදහන්.

ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ රේඩාර් අඩවියකට දළ වශයෙන් කිලෝමීටර් 35 ක් දුරින් පිහිටි හොකයිඩෝ හි ඉඩමක් චීන සමාගමක් අත්පත් කර ගැනීම ජාතික ආරක්ෂක ප්‍රශ්නයේ කොටසක් නොවේද යන්න ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානියා වූ සානේ ටකයිචි ප්‍රශ්න කල බව මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අයවැය කමිටු සැසිවාරය අමතමින් ටකයිචි මේ බව පැවසුවේයැයි මාධ්‍ය වාර්තාවල සදහන්.

ජපානයේ වන සංරක්ෂණ ඒජන්සියට අනුව, ජපානයේ වනාන්තර කලාපයේ හිමිකාරිත්වය සහ ආයෝජනය 2010 සිට 4.7 ගුණයකින් වැඩි වී තිබෙනවා.

2021 දී, හොංකොං, මැකාවෝ, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදයෙන් පැමිණෙන ගැනුම්කරුවන් හොකයිඩෝ හි ඉඩම් මිලදී ගෙන ඇති අතර. එවැනි සිදුවීම් මුළු සංඛ්‍යාව 19 ක් බව සදහන්.

ජපානයේ දුර්වල ආර්ථිකය විදේශීය ආයෝජකයින් විසින් ඉඩම් අත්පත් කර ගැනීම වේගවත් කළ හැකි බවට කනස්සල්ල වැඩි වෙමින් පවතින බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This