චීනයේ පාසලක් ලොව වසරේ ගොඩනැගිල්ල ලෙස නම් කරයි (PHOTOS)

චීනයේ පාසලක් ලොව වසරේ ගොඩනැගිල්ල ලෙස නම් කරයි (PHOTOS)

සිසුන්ට විවේක ගැනීමට සහ කාලය සුවදායි ලෙස ගත කිරීමට ඉඩ සැලසෙන පරිදි නිර්මාණය කර ඇති චීන නේවාසික පාසලක් 2023 වසරේ ලෝක ගොඩනැගිල්ල ලෙස නම් කර තිබෙනවා.

එම පාසලේ වහල උඩ උද්‍යානයක්, ඇවිදීමේ මාර්ග ඇතුළත්වන පරිදියි නිර්මාණය කර ඇත්තේ.

නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Ningbo හි Huizhen උසස් පාසල සිංගප්පූරුවේ පැවති ලෝක ගෘහ නිර්මාණ උළෙලේ (WAF) ලොව වසරේ ගොඩනැගිල්ල සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

Approach Design Studio සහ Zhejiang University of Technology Engineering Design Group විසින් මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ පන්ති කාමරයක් තුළ සිසුන් 30කට අධ්‍යයන පහසුකම් ඇති අතර ඊට අමතරව එළිමහන් දේශන ශාලාවක් සහ ගස් වලින් ආවරණය වූ මාර්ග කිහිපයකින්ද සමන්විත වනවා.

Approach Design Studio පැවසුවේ ඉගැන්වීමේ කාර්යක්‍ෂමතාවයට ප්‍රමුඛත්වය දෙන අතරම, පාසලක දරුවන්ට නිදහස් චින්තනයක්ද ඇති කළ යුතු බවයි.

එම නිදහස් චින්තනය දරුවන් තුළ ගොඩනැගීමට නම් මෙවන් වූ වටපිටාවක් තිබිය යුතු බවයි පාසලේ නිර්මාණකරුවන් සඳහන් කර ඇත්තේ.

 

 

Share This